සරුංගල් යවන්න ගෙදරින් ගිය පුතුගේ සිරුර වතුර වළකින් හමුවෙලා

මැණික් ඉල්ලම් ලබාගැනීම සඳහා හාරන ලද වතුර පිරී ඇති වළකට වැටී අවුරුදු 08ක දරුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුඅග්ගල, වනහගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ජෙවිඳු රන්මෙත් නැමැති දරුවෙක්.

තම මව සහ සුළු පියාගේ රැකවරණය යටතේ ජීවත් වූ මෙම දරුවා ඊයේ (07) පාසැල් ගොස් නිවසට පැමිණීමෙන් අනතුරුව සරුංගල් යැවීමට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දරුවා කැලෑබද පෙදෙසකට යන බව දුටු පුද්ගලයෙක් ඒ පිළිබඳ සොයාබැලීමට මෙම වතුර වළ පිහිටි දිශාවට ගොස් තිබෙනවා.

එහිදී දරුවා වතුර වළට වැටී සිටිනු දුටු එම පුද්ගලයා ඒ බව අසල්වාසීන්ට දන්වා දරුවාව කොස්ගම රජයේ රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එලෙස රෝහල් ගතකරන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව සිටි බව වෛද්‍යවරුන් පවසනවා.

මීට කලකට පෙර මෙම ප්‍රදේශය පුරා ගඩොල් කැපීමට සහ මැණික් ගැරීම සඳහා මේ ආකාරයේ අනාරක්ෂිත වළවල් රැසක් කපා ඇති බව ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?