සරුංගල් යවන්න ගෙදරින් ගිය පුතුගේ සිරුර වතුර වළකින් හමුවෙලා

මැණික් ඉල්ලම් ලබාගැනීම සඳහා හාරන ලද වතුර පිරී ඇති වළකට වැටී අවුරුදු 08ක දරුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුඅග්ගල, වනහගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ජෙවිඳු රන්මෙත් නැමැති දරුවෙක්.

තම මව සහ සුළු පියාගේ රැකවරණය යටතේ ජීවත් වූ මෙම දරුවා ඊයේ (07) පාසැල් ගොස් නිවසට පැමිණීමෙන් අනතුරුව සරුංගල් යැවීමට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දරුවා කැලෑබද පෙදෙසකට යන බව දුටු පුද්ගලයෙක් ඒ පිළිබඳ සොයාබැලීමට මෙම වතුර වළ පිහිටි දිශාවට ගොස් තිබෙනවා.

එහිදී දරුවා වතුර වළට වැටී සිටිනු දුටු එම පුද්ගලයා ඒ බව අසල්වාසීන්ට දන්වා දරුවාව කොස්ගම රජයේ රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එලෙස රෝහල් ගතකරන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව සිටි බව වෛද්‍යවරුන් පවසනවා.

මීට කලකට පෙර මෙම ප්‍රදේශය පුරා ගඩොල් කැපීමට සහ මැණික් ගැරීම සඳහා මේ ආකාරයේ අනාරක්ෂිත වළවල් රැසක් කපා ඇති බව ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46