AFC Banner
Empty Ad
Empty Ad

සරසවි සිසුවිය ඝාතනය කළ පෙම්වතා රිමාන්ඩ්

කොළඹ තුරඟ තරඟ පිටිය ප්‍රදේශයේ දී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ශිෂ්‍යාවගේ පෙම්වතා බව කියන තරුණයා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත සැකකරු අද සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කුරුදුවත්ත පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සැකකරු මානසික ආබාධ තත්ත්වයකින් පෙළෙන බැවින් ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසටයි.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?