සරසවි සිසුවාගේ මරණයට හේතුව නවකවදය නම්; ඊට වගකිව යුතු සියල්ලටම උපරිම දඬුවම් දෙනවා – උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

පසුගිය දිනක දී සබරගමුව සරසවියේ තාක්ෂණික පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි විද්‍යාර්ථයෙකු සියදිවි නසා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, පොලිස් විමර්ශනවල දී මෙම ඛේදවාචකය නවකවදය හේතුවෙන් සිදු වූවක් බවට අනාවරණය වුවහොත්, ඊට වගකිවයුතු සියලු පාර්ශ්වයන්ට එරෙහිව පවත්නා නීතියට අනුකූල ව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකුගේ හදිසි මරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් මේ වනවිට (මැයි 01) පත්කර ඇති බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගත යුතු සියලු පියවර විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගනු ලබනු ඇති.

උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින්;

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකුගේ හදිසි මරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් මේ වන විට පත්කර ඇති අතර, එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගත යුතු සියලු පියවර විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගනු ලබනු ඇත.

මෙම හදිසි මරණය නවකවදය හේතුවෙන් සිදු වූ මරණයක් ලෙස විවිධ සමාජ මාධ්‍යන් හි සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් ද මෙම අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇති අතර, එවැනි සිදුවීමක් අනාවරණය වුවහොත්, ඊට වගකිවයුතු සියලු පාර්ශ්වයන්ට පවත්නා නීතියට අනුකූලව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට මෙම අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.

එසේම මෙම සිදුවීමට සම්බන්ධ අයවලුන් ලෙස දක්වමින් විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු හුවා දක්වමින් සංසරණය වන සමාජ මාධ්‍ය තොරතුරු සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන අතර, දැනට සිදු කරන පොලිස් පරීක්ෂණ හා අනෙකුත් අභ්‍යන්තර පරීක්ෂණ මගින් මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි තොරතුරු හෙළිකර ගන්නා තුරු විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වන මෙවැනි තොරතුරු සංසරණය කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මෙම හදිසි මරණය සම්බන්ධයෙන් මියගිය ශිෂ්‍යායාගේ පවුලේ සාමාජිකයන් වෙත සාතිශය සංවේගය පළ කරනු ලැබේ..” යනුවෙන් එහි සඳහන්.

මේ අතර අදාළ විද්‍යාර්ථයාගේ හදිසි මරණය සම්බන්ධයෙන් දසත පුවත් අංශය සිදුවීම ගැන පරීක්ෂණ සිදු කරන සමනල වැව පොලිසියෙන් සිදු කරන ලද විමසීමක දී එහි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ; මියගිය සිසුවා මියයාමට පෙර ලිපියක් ලියා තබා ඇති බවත්, නමුත් එම ලිපියෙහි කිසිවෙකුට හෝ චෝදනාවක් එල්ල කර නොමැති බවයි.

එබැවින් මෙම සිදුවීම නිශ්චිතව ම නවකවදය හේතුවෙන් සිදු වූවක් දැයි සොයා ලැබුණු විවිධ පැමිණිලි ඔස්සේ ද විමර්ශන ක්‍රියාත්මක බවත්, සමනල වැව පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
3
+1
3
+1
38
+1
7
+1
3
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34