සරත් ෆොන්සේකා එළඹෙන ජනාධිපතිවරණයට (ඡායාරූප)

ඉදිරි ජනාධිපතිවරණයට තමන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

X ගිණුමෙහි සටහනක් තබමිනුයි ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ.

සරත් ෆොන්සේකා සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් කියා ඇත්තේ තමන් මෙවර ජනාධිපතිවරණයට තරගකරුවෙකු ලෙස ඉදිරිපත් වීම මෙලෙස රටේ මහජනතාවට නිල වශයෙන් දැනුම්දීමට කැමති බවයි.

76 වසරක සිට රටක් වශයෙන් අප බංකොලොත්භාවයට ගිය බවත්; අකාර්‍යක්ෂම දේශපාලන කණ්ඩායමක් විසින් අපව මෙහෙයවනු ලැබූ බව ද ඒ මහතා එම පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට නම් දූෂණය නවතාලීම කළ යුතු අතර; මෙරට ආදායම් මාර්ග උත්පාදනයට ස්වාභාවික සම්පත් දායක කරගත යුතු බව ද එහි සඳහන්.

ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමන් සමග එක්වන ලෙස සෑම ශ්‍රී ලාංකිකයෙකුට ම මෙලෙස නිල වශයෙන් තමන් ආරාධනා කරන බව ද ෆීල්ඩ් මාර්ෂල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යනු මෙරට 33 වසරක් මුළුල්ලේ පැවති එල්. ටී. ටී. ඊ. යුද්ධය පරාජයට පත් කිරීමට උරදුන් සෙන්පතියෙකු වන අතර හෙතෙම 2009 වර්ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කරට කර ජනාධිපතිවරණයට ද එක් වුණා.

WhatsApp Image 2024 07 25 at 08.43.11
WhatsApp Image 2024 07 25 at 08.43.13
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
10
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11


?