සරත් ෆොන්සේකා එළඹෙන ජනාධිපතිවරණයට (ඡායාරූප)

ඉදිරි ජනාධිපතිවරණයට තමන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

X ගිණුමෙහි සටහනක් තබමිනුයි ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ.

සරත් ෆොන්සේකා සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් කියා ඇත්තේ තමන් මෙවර ජනාධිපතිවරණයට තරගකරුවෙකු ලෙස ඉදිරිපත් වීම මෙලෙස රටේ මහජනතාවට නිල වශයෙන් දැනුම්දීමට කැමති බවයි.

76 වසරක සිට රටක් වශයෙන් අප බංකොලොත්භාවයට ගිය බවත්; අකාර්‍යක්ෂම දේශපාලන කණ්ඩායමක් විසින් අපව මෙහෙයවනු ලැබූ බව ද ඒ මහතා එම පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට නම් දූෂණය නවතාලීම කළ යුතු අතර; මෙරට ආදායම් මාර්ග උත්පාදනයට ස්වාභාවික සම්පත් දායක කරගත යුතු බව ද එහි සඳහන්.

ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමන් සමග එක්වන ලෙස සෑම ශ්‍රී ලාංකිකයෙකුට ම මෙලෙස නිල වශයෙන් තමන් ආරාධනා කරන බව ද ෆීල්ඩ් මාර්ෂල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යනු මෙරට 33 වසරක් මුළුල්ලේ පැවති එල්. ටී. ටී. ඊ. යුද්ධය පරාජයට පත් කිරීමට උරදුන් සෙන්පතියෙකු වන අතර හෙතෙම 2009 වර්ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කරට කර ජනාධිපතිවරණයට ද එක් වුණා.

WhatsApp Image 2024 07 25 at 08.43.11
WhatsApp Image 2024 07 25 at 08.43.13
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
10
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44