AFC Banner
Empty Ad
Empty Ad

සරත් ඒකනායකටත් ශ්‍රීලනිප මහ ලේකම් පුටුව තහනම් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එමෙන්ම දයාසිරි ජයසේකර මහතා දැරූ පක්ෂයේ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් සරත් ඒකනායක මහතාට අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබූ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක්කරමින් දයාසිරි ජයසේකර මහතා ගොනුකළ පැමිණිල්ලට අදාළ මූලික නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

තීරණය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 15 වන වගන්තිය යටතේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තීන්දු ගැනීමට පක්ෂයේ සභාපතිවරයාට පුළුල් බලතල පැවරී ඇති බවයි.

ඒ අනුව පැමිණිලිකරු විසින් සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට අදාළව ඉල්ලා තිබෙන වාරණ නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා සඳහන් කර සිටියා.

කෙසේවතත් පක්ෂයේ මහලේකම් ධුරය සඳහා පත්කිරීම පක්ෂයේ විධායක සභාව හරහා සිදුවිය යුතු බැවින් දැනට මහලේකම් ධුරයේ වැඩ බැලීම සඳහා පත් කර තිබෙන සරත් ඒකනායක මහතාට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඉන් අනතුරුව නඩුව ලබන 22 වනදා කැඳවීමට දින නියම වුණා.

පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්…

“පසුගිය 05 වනදා පෙරවරුවේ සිට පැමිණිලිකරු වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වුණා. පසුව රාත්‍රී 11 ට පමණ ඔහු නිවසට ගියා. නිවසට ගොස් ඊමේල් පරීක්ෂාකළ අවස්ථාවේදී ඔහුට පක්ෂයෙන් ලිපියත් ඇවිත් තිබුනා. එම ලිපියේ සඳහන් කර තිබුණා ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන බව. මෙසේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට හේතු වූ කරුණු කිසිවක් එම ලිපියේ සඳහන් කර තිබුණේ නෑ. ඉන්පසුව සැප්තැම්බර් මස 06 වනදා පක්ෂය විසින් මැතිවරණ කොමිසමට ලිපියක් යවනු ලැබුවා. එම ලිපියෙන් තම සේවාදායකයාගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවා තිබෙන බව මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණා. විනය විරෝධී ක්‍රියාවක් සිදු කිරීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කළ බව එම ලිපියේ සඳහන් කර තිබුණා.”

ඒ අනුව මෙම ලිපි දෙකේ අන්තර්ගත කරුණු එකිනෙකට පරස්පර බවත් පදනම් විරහිත බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.

වැඩි දුරටත් කරුණු දැක්වූ දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වරයා

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ සභාපතිවරයාට පක්ෂ සාමාජිකයෙකු ගේ සාමාජිකත්වය අත් හිටුවන්න බලයක් නැහැ. ඒ බලය පැවරී තිබෙන්නේ විධායක සභාවට. මාගේ සේවාදායකයා කිසිදු ආකාරයක පක්ෂය විනය කඩ කිරීමක් සිදුකර නෑ. ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටු වීමට හේතු වූ කරුණු නිසිආකාරව ප්‍රකාශ කරලා නැහැ. ඒ නිසා මේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනියි. එය නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ඒකාධිපති ස්වරූපයකින් කටයුතු කරමින් තමා මේ ක්‍රියාව සිදුකර තිබෙන්නේ. ඔහු වරක් පාර්ලිමේන්තුව නීති විරෝධී ලෙස විසුරුවා හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා. ඒ වගේම අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා ඊට පත්කිරීමෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කළා. ඔහුට ව්‍යවස්ථාවක් පේන්න බෑ. ඒවගේම නීතිඥවරු පේන්නත් බෑ”

යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා තම සේවාදායකයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමේ තීරණය නීති විරෝධී බවට තීන්දු කර එය වැළැක්වීමේ වාරණ නියෝග නිකුත් කරන ලෙසටයි ඉල්ලා සිටියේ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

” ස්වාමීනි.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 15 වන වගන්තිය අනුව යම් සාමාජිකයෙකු පක්ෂයෙන් පිටත පක්ෂ නායකත්වය හා ප්‍රතිපත්ති විවේචනය කරන බවට හේත්තු ගිය විට හෝ සෑහීමකට පත් වූ අවස්ථාවක එම සාමාජිකයාගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවීමට පක්ෂයේ සභාපතිවරයාට බලය පැවරී තිබෙනවා. එසේ සාමාජිකත්වය අත්හිටුවා දින 14 ක් ඇතුළත විනය ක්‍රියාමාර්ග ගැනීමටත් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට බලය තිබෙනවා. ඒ අනුව දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමේදී පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලවයි ක්‍රියාකර තිබෙන්නේ. ඔහු පක්ෂ ව්‍යවස්ථාව අභිබවා ගොස් ක්‍රියාකර නැහැ. මෙහිදී සිදු කර තිබෙන්නේ පැමිණිලිකරුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමක් පමණයි. ඔහුගේ සාමාජිකත්වය අහිමි කිරීමක් සිදු කරලා නැහැ. ඒ නිසා පක්ෂයේ සභාපති වරයා, සමාජය ඉදිරියේ අපකීර්තියට පත් කිරීම සඳහා ද්වේෂ සහගත චේතනාවකින් තමා පැමිණිලිකරු මේ නඩුව ගොනු කරල තිබෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහතා නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව පැමිණිලි කර පාර්ශවයේ නීතිඥවරයා සඳහන් කළා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර ඊට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමත් ඔහු විවේචනය කළා. මේ කටයුතු සිදුවන අවස්ථාවේදී පැමිණිලිකාර දයාසිරි ජයසේකර සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ කැබිනට් මණ්ඩලයේ. ඔහු කිසිම අවස්ථාවක හිටපු ජනාධිපතිවරයාගේ එම ක්‍රියාව හෙළා දකිමින් කතා කළේ නැහැ. එදා ඔහු ඒවාට සම්පූර්ණයෙන්ම සහය පළ කළා.”

යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා ඉල්ලා සිටියේ පැමිණිලිකාර දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව සිදු වී ඇති නිසා ඔහු විසින් ඉල්ලා සිටින වාරණ නියෝග ප්‍රතික්ෂේප කරන ලෙසටයි.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව දිසා විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
0
+1
0
+1
2
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු පා.ම. J.C අලවතුවල සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:33:51
Video thumbnail
සජිත් ජනාධිපති වුණාම බාර් ලයිසන් දෙන්නම් - මෙන්න හෙළිදරව්ව
06:06
Video thumbnail
ඉස්සර කියපු බොරු කතා සහ මල්පාරේ හොරෙන් ගහන ගේම් එළියට
09:02
Video thumbnail
සජිත් කියන්නේ තාත්තා වගේම මිනිහෙක් - සජබේ මන්ත්‍රී කියන කතාව
04:07
Video thumbnail
මාලිමාවට තුනෙන් දෙකක් අරන් දෙන්න හිමිවරු දැන්ම ගේමට බහියි
12:12
Video thumbnail
අනුර ගැන කියපු ඔක්කොම බොරු කියලා ඔප්පු වුණා - මල්වතු මහා නා හිමි කියයි
02:55
Video thumbnail
ජාතික භික්ෂූ පෙරමුණ අස්ගිරියේ ගිහින් අනුර ගැන කරපු වර්ණනාව
07:34
Video thumbnail
සංවේදී කතාවක් කරමින් බන්දුල දේශපාලනයෙන් සමුගයි
02:20
Video thumbnail
ශිෂ්‍යත්ව පේපරේ එළියට පැන්නුවේ මාලිමාවේ ගුරුවරයෙක් ?
01:55
Video thumbnail
රේගුවටත් හොර කරලා රට පටවන්න හදපු තඹ තොගය වටලපු මෙහෙයුම
04:27

?