සමෘද්ධි සහ ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලන්න නීතිමය තත්ත්වය සකසන්න – අගමැතිගෙන් උපදෙස්

සමෘද්ධි නිලධාරීන්ට හා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව ලබාදීම සඳහා වහාම නීතිමය තත්ත්වය සකසන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) මෙම උපදේශක කාරක සභාව රැස් වුණා.

සමෘද්ධි නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීම සඳහා කැබිනට් අනුමැතිය ද මේ වනවිට හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?