Empty Ad
AFC Banner
Empty Ad

සමෘද්ධි නියාමක ගවයින් හොරට පටවද්දී පොලිසියට මාට්ටු

මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරුනු ලබන සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු ගවයින් හොර රහසේ අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටියදී ගම්වාසින් සහ මහකුඹුක්කඩවල පොලිසියෙ නිලධාරීන් කළ මෙහෙයුමකදී අත් අඩංගුවට පත්වී තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට පත්වී ඇත්තේ මහකුඹුක්කඩවල පෙත්තිගම පදිංචි මුන්දලම ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා ලෙස කටයුතු කළ 45 හැවිරිදි අයෙක්.

සැකකරු පදිංචි නිවසට ආසන්න නිවසේ ගවයින් තුන් දෙනෙකු අද අලුයම පුලිච්චාකුලම ප්‍රදේශයේ මස් කඩකරුවන් පිරිසකට අලෙවි කර එම ගවයින් කැබ් රථයකට පටවමින් සිටියදී ගම්වාසින් සහ මහකුඹුක්ඩවල පොලිසිය එක්ව වැටලීම සිදු කර තිබෙනවා.

අත් අඩංගුවට ගත් සමෘද්ධි සංවර්ධන නිලධාරියා පෙත්තිගම සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිවරයා ලෙසට ද කටයුතු කරන බවටයි පොලිස් පරික්ෂණවලදී හෙළිවී ඇත්තේ.

කාලයක සිට පෙත්තිගම සහ කොරකහායාය ප්‍රදේශවල ගවයින් සොරා ගැනීම සිදුවී තිබුන ද එය සිදු කරනු ලබන්නේ කවුරුන් ද යන්න තහවුරු කර ගැනීමට හැකිවී තිබුණේ නැහැ.

පොලිසිය උපාය දුතයින් ද යොදවා මෙම ජාවාරම සිදුකරන පිරිස සොයා පරික්ෂණ කටයුතු සිදු කර තිබුණා.

එවැනි මෙහෙයුම් සිදුවන අතරවාරයේදී යි අද අලුයම අදාළ සමෘද්ධි සංවර්ධන නිලධාරියාගේ නිවසට යාබද නිවසේ ගවයින් කැබ් රථයක් රැගෙන පැමිණ ඊට පටවමින් සිටියදී පොලිසිය සහ ගම්වාසින් විසින් අල්ලා ගෙන ඇත්තේ.

එහිදී මෙම ජාවාරම මෙහෙයවූ සමෘද්ධි සංවර්ධන නිලධාරියා, තවත් සැකකරුවෙක් සහ ගවයින් රැගෙන යාමට පැමිණ තිබූ කැබ් රථය මෙන්ම කැබ් රථයට පටවා සිටි ගවයින් තිදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ජාවාරමට ඔත්තු සපයමින් සිටි පුලිච්චාකුලම ප්‍රදේශයේ සැකකරුවන් දෙදෙනෙකු ඔවුන් පැමිණි යතුරුපැදිවලින් පළා ගොස් ඇති අතර ඔවුන් අත් අඩංගුවට ගැනිමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ගවයින් සොරකම් කිරීමේ ජාවාරම මෙහෙය වූ සමෘද්ධි සංවර්ධන නිලධාරියා මුදල් වංචා ඇතුළු තවත් සොරකම් රැසකට සම්බන්ධ බවට පොලිසිය හෙළිකර ගෙන තිබෙනවා.

සැකකාර සමෘද්ධි සංවර්ධන නිලධාරියා මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සමෘද්ධි කාර්යාලයේ සේවය කර ඇති අතර එම රාජකාරි අවස්ථාවලදී සිදු කළ මුදල් වංචා හේතුවෙන් මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මාරුකර යැවූ අයෙක්.

අත් අඩංගුවට ගනු ලැබූ සැකකාර සමෘද්ධි නිලධාරියා සහ අනෙක් සැකකරු අද දහවල් ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>