සමෘද්ධි නියාමක ගවයින් හොරට පටවද්දී පොලිසියට මාට්ටු

මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරුනු ලබන සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු ගවයින් හොර රහසේ අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටියදී ගම්වාසින් සහ මහකුඹුක්කඩවල පොලිසියෙ නිලධාරීන් කළ මෙහෙයුමකදී අත් අඩංගුවට පත්වී තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට පත්වී ඇත්තේ මහකුඹුක්කඩවල පෙත්තිගම පදිංචි මුන්දලම ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා ලෙස කටයුතු කළ 45 හැවිරිදි අයෙක්.

සැකකරු පදිංචි නිවසට ආසන්න නිවසේ ගවයින් තුන් දෙනෙකු අද අලුයම පුලිච්චාකුලම ප්‍රදේශයේ මස් කඩකරුවන් පිරිසකට අලෙවි කර එම ගවයින් කැබ් රථයකට පටවමින් සිටියදී ගම්වාසින් සහ මහකුඹුක්ඩවල පොලිසිය එක්ව වැටලීම සිදු කර තිබෙනවා.

අත් අඩංගුවට ගත් සමෘද්ධි සංවර්ධන නිලධාරියා පෙත්තිගම සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිවරයා ලෙසට ද කටයුතු කරන බවටයි පොලිස් පරික්ෂණවලදී හෙළිවී ඇත්තේ.

කාලයක සිට පෙත්තිගම සහ කොරකහායාය ප්‍රදේශවල ගවයින් සොරා ගැනීම සිදුවී තිබුන ද එය සිදු කරනු ලබන්නේ කවුරුන් ද යන්න තහවුරු කර ගැනීමට හැකිවී තිබුණේ නැහැ.

පොලිසිය උපාය දුතයින් ද යොදවා මෙම ජාවාරම සිදුකරන පිරිස සොයා පරික්ෂණ කටයුතු සිදු කර තිබුණා.

එවැනි මෙහෙයුම් සිදුවන අතරවාරයේදී යි අද අලුයම අදාළ සමෘද්ධි සංවර්ධන නිලධාරියාගේ නිවසට යාබද නිවසේ ගවයින් කැබ් රථයක් රැගෙන පැමිණ ඊට පටවමින් සිටියදී පොලිසිය සහ ගම්වාසින් විසින් අල්ලා ගෙන ඇත්තේ.

එහිදී මෙම ජාවාරම මෙහෙයවූ සමෘද්ධි සංවර්ධන නිලධාරියා, තවත් සැකකරුවෙක් සහ ගවයින් රැගෙන යාමට පැමිණ තිබූ කැබ් රථය මෙන්ම කැබ් රථයට පටවා සිටි ගවයින් තිදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ජාවාරමට ඔත්තු සපයමින් සිටි පුලිච්චාකුලම ප්‍රදේශයේ සැකකරුවන් දෙදෙනෙකු ඔවුන් පැමිණි යතුරුපැදිවලින් පළා ගොස් ඇති අතර ඔවුන් අත් අඩංගුවට ගැනිමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ගවයින් සොරකම් කිරීමේ ජාවාරම මෙහෙය වූ සමෘද්ධි සංවර්ධන නිලධාරියා මුදල් වංචා ඇතුළු තවත් සොරකම් රැසකට සම්බන්ධ බවට පොලිසිය හෙළිකර ගෙන තිබෙනවා.

සැකකාර සමෘද්ධි සංවර්ධන නිලධාරියා මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සමෘද්ධි කාර්යාලයේ සේවය කර ඇති අතර එම රාජකාරි අවස්ථාවලදී සිදු කළ මුදල් වංචා හේතුවෙන් මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මාරුකර යැවූ අයෙක්.

අත් අඩංගුවට ගනු ලැබූ සැකකාර සමෘද්ධි නිලධාරියා සහ අනෙක් සැකකරු අද දහවල් ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34