සමාජ මාධ්‍ය තුල බොරුව රජ කරවූ පුද්ගලයෙකුට අත්වුණු ඉරණම

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු ගෙලිඔය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ 42 හැවිරිදි වියේ පසුවූ මෙම සැකකරු කොත්මලේ ප්‍රදේශයේ සේවය කරන රජයේ නිලධාරියෙක් බවයි.

මෙරට ප්‍රසිද්ධ වනාන්තර එළිපෙහෙලි කරන බවට සඳහන් කරමින් සැකකරු විසින් ව්‍යාජ ඡායාරූප ෆේස්බුක් ගිණුමකට එක් කරමින් මෙලෙස සාවද්‍ය ප්‍රචාරයන් සිදුකරගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු මේ වනවිට අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර ඔහු අද (22) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?