මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධන – නීතිපති දැනුම් දෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධනය කිහිපයක් සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

එම සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කිරිමට නියමිත බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කළා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 50 ක් පමණ ඉදිරිපත් වී තිබෙන බවයි විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේ.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාගය අද දහවල් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කෙරුණා.

ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජනබලවේගයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරු වන සාලිය පීරිස් හා ජෙෆ්රි අලගරත්නම්, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි.

එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම..අගමැතිනිට තිබුණනේ ගෝඨාභයට ස්තූති කරන්න
05:42
Video thumbnail
කූවේට් රාජ්‍යයේ සිරගත වී සිටින ලාංකික ශ්‍රමිකයින් නිදහස් කර දෙන්න..බිරින්දෑවරු හඬා වැටෙයි
13:33
Video thumbnail
කාළගුණය උඩි යටිකුරු වෙයි..කාළගුණය ගැන විශේෂ ප්‍රකාශයක්
02:20
Video thumbnail
රාජාංගන ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි
00:37
Video thumbnail
ත්‍රීවීල් හිමියන් කුපිත වී රෙදි ගැ#වෙන්නම දෙසයි.."ගණන් අඩුයි නෙවෙයි යකෝ හිඟන ගණන් තියෙන්නේ"
08:14


?