මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධන – නීතිපති දැනුම් දෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධනය කිහිපයක් සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

එම සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කිරිමට නියමිත බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කළා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 50 ක් පමණ ඉදිරිපත් වී තිබෙන බවයි විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේ.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාගය අද දහවල් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කෙරුණා.

ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජනබලවේගයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරු වන සාලිය පීරිස් හා ජෙෆ්රි අලගරත්නම්, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි.

එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන එකින් එක නවත්තලා සීට් බෙල්ට් චෙක් කරන හැටි - කලින් පටන් ගන්න තිබ්බ වැඩක් - හොඳයි මේක
03:54
Video thumbnail
සංශෝධනයෙන් තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය සීමා කරනවා - දත් තිබුණට මොකද හ#පන්න බැරිනම් ?
06:11
Video thumbnail
සෞදියේ ම#ණ දඬුවම හිමිවූ තරුණයා ගැන රාසමාණික්කම්ගෙන් අනාවරණයක් - ඉදිරිපත් වෙනවා කිව්ව නීතිඥයා වෙනස්
04:17
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17
Video thumbnail
දඩවලින් නීතිය හදන්න බෑ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා - පොලිස්පති කිව්ව සුපිරි කතාව
02:30
Video thumbnail
අනතුරු ගැන පොලිස්පති හෙළිකරපු දේ - ගොඩක් අනතුරු වෙන්නේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා
04:52
Video thumbnail
යුද හමුදාපති හැමෝටම දුන්න පණිවුඩය - වෙරළ තීරය අපට පමණක් අයිති දෙයක් නෙවෙයි
06:27
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති - යුද හමුදාපතිත් බැහැලම වැඩ
01:42
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40