ගනේමුල්ල පොලිස් වසමේ අමුණුගොඩ ප්‍රදේශයේ නිවසකට පෙරේදා (11) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.
සමාජ ක්‍රියාකාරිනි රසිකා කෝරළගේ ගේ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, වෙඩි ප්‍රහාර 05පහක පමණ සලකුණු නිවෙසේ සහ ගේට්ටුවේ දක්නට ඇති බවයි වාර්තා වුණේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් පෙරේදා (11) රාත්‍රී 11.30 ට පමණ තම නිවස ඉදිරිපිට යතුරුපදිය රේස්කරන හඬ ඇසුණු බවත් එම අවස්ථාවේ දී යම් පිපිරුම් ශබ්ද කිහිපයක් තමන්ට ඇසුණු බවත් සමාජ ක්‍රියාකාරිනි රසිකා කෝරළගේ අප සමඟ සඳහන් කළා.
කෙසේ වෙතත් ඒ පිළිබඳව තමන් වැඩි අවදානයක් යොමු නොකළ බවත්, අද (13) දහවල් අසල්වැසි නිවසක සිටි අයෙක් විසින් නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව දැක පැවසීමෙන් අනතුරුව ඒ පිළිබඳව ගනේමුල්ල පොලිස් ස්ථානයට පැමිණිලි කර බවයි ඇය වැඩිදුරටත් පවසා සිටියේ.





