AFC Banner
AFC Banner
Empty Ad

සමාගම් දෙකක් ඈවර කිරීමට තීරණය කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ස්ථාපිත කරන ලද සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට් සහ සෙලන්දිවා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් යන සමාගම් ස්වේච්ඡාවෙන් ඈවර කිරීමට තීරණය කර ඇතැයි එම සමාගමේ නීතීඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා.

රජය විසින් හිමිකාරීත්වය ලබන දේපල විකිණීම හෝ පැවරීම සඳහා ස්ථාපිත කරන ලද එම සමාගම් වල ක්‍රියාකාරීත්වය අත් හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෘත්තීකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් කපිල රේණුක පෙරේරා විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී යි මෙම දැනුම් දීම සිදු කෙරුණේ.

මුර්දු ප්‍රනාන්දු, කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකාර සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය අධිකරණයට දන්වා සිටියේ එම සමාගම් ස්වෙච්ඡාවෙන් ඈවර කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා තිබෙන සහන සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවත් අධිකරණය හමුවේ අවධාරණය කෙරුණා.

ඒ අනුව අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අවශ්‍යතාවයක් තිබේ ද? නැද්ද? යන්න දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ මහතා අධිකරණයෙන් ඉල්ලීම් කළා.

එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? යන්න තීරණය කිරීම සඳහා ලබන ජූලි මස 18 වැනිදා කැඳවන ලෙසටයි.

පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, එවක අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශ ලේකම් හා භාණ්ඩාගාර ලේකම් එස් .ආර්.ආටිගල, විනිමය සුරැකම් කොමිෂන් සභාව, කොළඹ කොටස් වෙළදපොළ, සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට් සමාගම ඇතුළු 19 දෙනෙකු නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?