සම්භාහනයට මුවා වී ඇඟ විකුණන තැනක් වටලා දෙදෙනෙක් අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් වසමේ අත්තිඩිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසක් වටලා තිබෙනවා.

ලැබුණු තොරතුරක් මත ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩයමක් විසින් ඊයේ (28) රාත්‍රී කාලයේ මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ස්ථානයේ කළමනාකරු ලෙස කටයුතු කළ පුදගලයා සහ ගණිකා සේවයේ යෙදී සිටි කාන්තාවක්.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54 ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරිය වයස අවුරුදු 43ක් වන මඩපාත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?