වාද්වදූ, තල්පිටිය ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් එහි තෙරපිවරියකට පහරදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඊයේ (26) වාද්වදූ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මෙම කොස්තාපල්වරයා අදාළ සම්බාහන මධ්‍යස්ථානය වෙත ගොස් එහි සේවය කරන තෙරපිවරියකට අයුතු යෝජනාවක් සිදුකර ඇති අතර, එම යෝජනාවට අකමැති වූ තෙරපිවරියට පහර දී තිබෙනවා.
අනතුරුව සැකකාර කොස්තාපල්වරයා එහි තිබූ මුදල් කොල්ලකා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාර කොස්තාපල්වරයා හොරණ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරී කරන නිලධාරියෙක් බව සඳහන්.
ඔහු ඊයේ (26) දිනයේ පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර,පහර කෑමට ලක්වූ තෙරපිවරිය පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.





