logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

සම්පන්දන්ගේ දේහය බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයට

අභාවප්‍රාප්ත, හිටපු විපක්ෂ නායකවරයෙකු සහ පක්ෂ නායකවරයෙකු වූ ආර්.සම්පන්දන්ගේ දේහය අවසන් ගෞරව සඳහා, පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ උත්සව ශාලාවේ බදාදා (03) පස්වරු 2.00 සිට 4.00 දක්වා තැන්පත් කර තැබීමට නියමිතයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ බව තීරණය කර තිබෙනවා.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍යවරයාගේ ද සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත් වුණා.

අභාවප්‍රාප්ත ආර් සම්පන්දන්ගේ අවසන් කටයුතු ත්‍රිකුණාමලයේ දී පැවැත්වීමට නියමිත අතර, ඊට අදාළ පහසුකම් සැපයීමේ කටයුතු සඳහා සියලු උපදෙස්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අදාළ නිලධාරීන් වෙත ලබා දී තිබෙනවා.

හිටපු විපක්ෂ නායකවරයෙකු වන ආර්.සම්පන්දන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (30) රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?