සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද (17) භාරවී තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය මිද්දෙනිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබිය දී සොයාගත් සිද්ධියට අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් ඔහුව සොයමින් සිටියා.

එවන් පසුබිමක ඔහුගේ නීතිඥවරයා විසින් පසුගිය 15 වනදා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ, තම සේවාදායකයා වන සම්පත් මනම්පේරි නැමැත්තා අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමට සූදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?