ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ රජයේ සහ දේපාලන අධිකාරියේ ස්ථාවරය ජනධිපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් දැනුම්දී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ දී විශේෂ කණ්ඩායම් ප්‍රවර්ධනය නොකරන අතර සංචාරක ව්‍යාපාරය කිසිඳු පුද්ගලයෙකුට හානි නොවන අයුරින් ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රතිපත්තිය බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීම වෙනුවෙන් විදේශ සමලිංගික ප්‍රජාව මෙරට තුළ ප්‍රවර්ධනය කිරීමේ තීරණයක් ගෙන ඇද්ද යන්න පිළිබඳව මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද (08) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරියගෙන් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළේ, කිසිම අවසථාවක සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ දී කිසිඳු පාර්ශවයකට හෝ කණ්ඩායමක විශේෂ ප්‍රවර්ධනයක් සිදුනොකරන බවයි.





