සමගි ජන බලවේග මන්ත‍්‍රී පාර්ලිමේන්තු සභා ගැබට මත්පැත් බෝතලයක් ගෙනේ

මෙරට තුළ නිෂ්පාදනය කරන මත්පැන් සහ ආනයනය කරන මත්පැන් බෝතල් වල විශේෂ ස්ටිකරයක් ඇලවීමට රජය කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සඳහන් කරයි.

ඒ හරහා වංචනික ක්‍රියාවක් සිදු වෙමින් ඇතැයි ද ඔහු පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.

එම හෙළිදරව් කිරීම සඳහා පාර්ලිමේන්තු සභා ඝර්භයට මන්ත්‍රීවරයා විසින් මත්පැන් බෝතලයක් ද ගෙනැවිත් තිබිණි.

පාර්ලිමේන්තු සභා ගැබ තුළට ඒවා ගෙන ඒම තහනම් වුවද එය ගෙන ආවේ කෙසේදැයි ප්‍රශ්න නොකරන්නැයි ලෙසද ඔහු සභාවෙන් ඉල්ලා සිටියේය.