AFC Banner
Empty Ad
Empty Ad

සභාපතිවරයෙක් අත්අඩංගුවේ..

නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතාව (ලංකා කම්කරු කොන්ග්‍රසය)  පහර දිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත (30) දින සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

හිටපු අමාත්‍යය පලනි දිගම්බරම් මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරන සුප්පයියා කමලදාසන් නැමති අයට (29) දින පහර දි තුවාල සිදු කර බවට පොලිසියට පැමිණිල්ලක් ලැබි ඇති බවත්, පහර දිමට ලක් වුවේ යැයි කියන පලනි දිගම්බරම් මහතාගේ පෞද්ගලික ලේකම්වරයා මේ වන විට දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

බගවන්තලාව පොලිස් වසමට අයත් මොරා වත්තේ පිහිටි 319 ජි ග්‍රාමසේවා කාර්යයාලයට ග්‍රාමසේවා කාර්යාලයේ සේවාවක් ලබා ගැනිමට සදහා තමන් ගිය අවස්තාවේ ග්‍රාමසේවා කාර්යයාලය අසලට පැමිණි සභාපතිවරයා  තමන්ට බැන තර්ජනය කරමින් ග්‍රාමසේවා කාර්යයාලය අසලදි පහර දුන් බවයි පහර දිමට ලක් වුවේ යැයි කියන දැනට දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සුප්පයියා කමලදාසන් මහතා කියා සිටියේ.

දිගම්බරම් මන්ත්‍රිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සභාපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් බගවන්තලාව කර්කස්වොල් වත්තේ වතු කම්කරුවන් පිරිසක් එම වතු යායේදි (30) දින උදැසන සිට සභාපතිවරයා අත්අඩංගුවට ගන්නා තෙක්ම උද්ඝෝෂනයක නිරතව සිටිහ.

අත්අඩංගුවට ගත් සැකකාර සභාපතිවරයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?