Empty Ad
Empty Ad
AFC Banner

සබරේ සිසුන් විරෝධතාවයක – වැසුණු කැළණිය සඳුදා ඇරේ

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (08) දහවල් විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

මෙම විරෝධතාව පැවැත් වුණේ බලංගොඩ නගරයේ දීයි.

දළ දේශීය නිෂ්පාදනයයෙන් 06%ක් අධ්‍යාපනයට වෙන් කිරීම, ප්‍රමාද කළ මහපොළ ශිෂ්‍යධාර වාරික වහාම ලබාදින ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

මෙම විරෝධතාව හේතුවෙන් බලංගොඩ නගරයේ ආරක්ෂාව ද තරකර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර මේ වනවිට වසා දමා ඇති කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය, වාණිජ හා කළමනාකරණ පීඨය සහ තාක්ෂණ පීඨයේ අධ්‍යයන කටයුතු ලබන සඳුදා (11) යළි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළා.

සිසුන් පිරිසක් එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු නිලධාරීන් දෙදෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් එහි වෛද්‍ය පීඨය හැර අනෙකුත් පීඨ පසුගිය 05 වනදා වසා දමනු ලැබුවා.

ඉන් අනතුරුව මෙම සිද්ධියට සම්බන්ධ සිසුන් සිව්දෙනෙකුගේ පංති තහනම් කිරීමට ද කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?