සබන් නිෂ්පාදනය ගැන අලුත් අනාවරණයක්

පසුගිය ජුනි මස 16 වනදා ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රයක් අනුමැතිය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශයට සති 15ක් ගත වූයේ මන්දැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් ගැසට් පත්‍ර අනුමත කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් කාරක සභාවට විවේචන එල්ල වන බවයි කාරක සභිකයන් මෙහිදී පෙන්වා දුන්නේ.

අමාත්‍යාංශය විසින් ගැසට් පත්‍ර ප්‍රමාද වී ඉදිරිපත් කිරීම හේතුවෙන් කාරක සභාවට ඒවා පරිපූර්ණ විශ්ලේෂණයක් සහ සලකා බැලීමක් සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබෙන බවද මෙහිදී අවධාරණය කෙරුණා. මේ නිසා සලකා බැලීමට අදහස් කරන ගැසට් පත්‍ර අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව කාරක සභාව වෙත කඩිනමින් එවීමට වගබලා ගන්නා ලෙසට කමිටුව නිලධාරීන්ට දැඩි ලෙස උපදෙස් දුන් අතර දැනට පවතින ප්‍රමාදයන් පිළිබඳව දැඩි අප්‍රසාදය ද පළ කර තිබෙනවා.

මෙම අදහස් පළ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදීයි. රේගු ආඥාපනත යටතේ යෝජනාවක්, සුරාබදු ආඥාපනත යටතේ නියෝග දෙකක් සහ 1989 අංක 13 දරණ සුරාබදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝග තුනක් සලකා බැලීම සඳහා කමිටුව රැස් වුණා.

කාරක සභාව සිය රැස්වීමේදී රේගු ආඥාපනත (අංක 2336/72 අංක 2336/72 අති විශේෂ ගැසට් පත්‍රය/72 ජූනි 16) යෝජනා යළි සලකා බැලූ අතර සබන් නිෂ්පාදනය සඳහා ‘සබන් නූඩ්ල්ස්’ ආනයනය කරන අතර, සමාගම් කිහිපයක් පාම් ඔයිල් මේද අම්ල ආනයනය කරන බව සඳහන් කළා. ෆාම් ඔයිල් මේද අම්ල සඳහා 24%ක නව තීරු බද්දක් පැනවීම හේතුවෙන් ඇතැම් සමාගම් මේ වන විට සබන් නූඩ්ල්ස් නිෂ්පාදනය සඳහා අඩු බදු අනුපාත යටතේ පැල්මිටික් සහ ලෝරික් අම්ල ආනයනය කරන බවයි මෙහිදී අනාවරණය වූයේ.

වෙළඳපල මිල සමානාත්මතාවය පවත්වා ගැනීම සහ බදු ආදායම් අහිමි වීම වැළැක්වීම සඳහා, මෙම ආදේශක අම්ල නව HS කේතයක් යටතේ වර්ග කර 29%ක නව බද්දක් පැනවීමට යෝජිත බව ද මෙහිදී සඳහන් වුණා.

අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ සාමාන්‍ය ප්‍රතිපත්තිය වන්නේ නිමි හෝ අර්ධ නිමි භාණ්ඩවලට වඩා අඩු බදු ක්‍රියාත්මක කිරීම බැවින් මෙම ගැසට් පත්‍රයට අදාළ ප්‍රතිපත්තිමය නොගැලපීම පිළිබඳව කමිටුව සිය අවධානය යොමු කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙම ව්‍යුත්පන්නක ද්‍රව්‍ය සඳහා නව HS කේත හඳුන්වාදීමේ සවිස්තරාත්මක ගැසට් පත්‍රය වැඩිදුර සමාලෝචනයෙන් පසු රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබෙනවා.

සුරාබදු ආඥාපනත යටතේ නිකුත් කර ඇති නියෝග සමාලෝචනය කිරීමේදී කාරක සභාව මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් යෙදීම සහ වෙළඳපොලේ ඇති මධ්‍යසාරවලින් 40%ක ව්‍යාජ ස්ටිකර් තිබීම හේතුවෙන් රටට සිදුවන විශාල බදු ආදායමක් අහිමිවීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක නිරත වී තිබෙනවා. මෙම කරුණ පිළිබඳ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී හෙළිදරව් වූ දා සිට වැටලීම් රැසක් සිදු කර ඇති අතර, එමඟින් සති දෙකක් ඇතුළත සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2ක හදිසි ආදායමක් ලැබී ඇති බව ද කමිටුව අවධාරණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සමඟ පැවති ඒකාබද්ධ රැස්වීමකදී මෙම ගැටලුව තවදුරටත් විසඳීමට කාරක සභාව තීරණය කර තිබෙනවා. තවද, මෙවැනි නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මේ වනතුරු අධිකරණයේ නඩු පවරා නැත්තේ මන්දැයි කමිටුව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළා. මීට අමතරව, ඩිජිටල් ස්ටිකරය සඳහා වන ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුවේ මිල විෂමතාවයක් නිරීක්ෂණය වූ බැවින් සභාපතිවරයා ඒ පිළිබඳ සිය අවධානය යොමු කර තිබෙනවා. ඩිජිටල් ස්ටිකරයක මිල ශත 0.20ක් පමණක් වන නමුත්, රජය කොන්ත්‍රාත්කරුට ස්ටිකරයකට රුපියල් 1.90ක් ගෙවීම හේතුවෙන් එහි ප්‍රතිඵලයක් ලෙස වැඩිපුර ගෙවීමක් සිදුවන බවයි මෙහිදී සාකච්ඡා වූයේ. මෙහිදී නිලධාරීන් ප්‍රකාශ කළේ මීට පෙර තිබූ භෞතික ස්ටිකරය සඳහා මුලින් සකස් කර ඇති කොන්ත්‍රාත්තුව හේතුවෙන් ‍අදාළ ගෙවීම් සිදුවන බව සහ ස්ටිකර් ඩිජිටල්කරණය කිරීමේදී කොන්ත්‍රාත්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොකළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28
Video thumbnail
බැලස්ටික් මිසයිල ප්‍ර#ර ෆාම් ජුමේරා අහසේදී විනාශ කළ අයුරු..යුද ගිනි දැල් ඇවිලෙන මැදපෙරදිග
01:10