AFC Banner
Empty Ad
Empty Ad

සපුගස්කන්ද යළිත් දැවි තෙල් අර්බුදයක

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වූ ඩීසල් මෙටි්‍රක් ටොන් දස දහසම මේ වනවිට කැලණිතිස්ස බලාගාරයට ලබාදීමට කටයුතු කර තිබෙනවා.බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරුවරයා පැවසුවේ, ඊයේ රාත්‍රිය වනවිට අදාල ඉන්ධන තොගයම බලාගාරය වෙත ලැබුණු බවයි.

ඊයේ දහවල් වනවිට කැලණිතිස්ස විදුලි බලාගාර දෙක ම ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට කටයුතු කෙරුණා.

දිනකට කැලණිතිස්ස බලාගාරයෙන් මෙගාවොට් 286ක් ජාතික පද්ධතියට එක් කෙරෙන අතර, ඒ සඳහා දිනකට ඩීසල් මෙටි්‍රක් ටොන් 1500ත් 1800ත් අතර ප්‍රමාණයක් වැය වනවා.

ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවෙන් ලද ඩීසල් තොගය විදුලිය නිෂ්පාදනය සඳහා තවත් දින 08ක කාලයකට ප්‍රමාණවත්.

එසේම, සපුගස්කන්ද විදුලි බලාගාරයද යළිත් දැවි තෙල් අර්බුදයකට මුහුණ දී සිටිනවා.එහි දැවිතෙල් අද දිනය සඳහා ප්‍රමාණවත්ව පවතින අතර, එමඟින් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙන ධාරිතාවය මෙගාවොට් 108ක්.
කෙසේවෙතත් සපුගස්කන්ද බලාගාරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත්ව ඇත්තේ තවත් පැය 09 කට පමණක් බවත් එහි අනෙක් බලාගාරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ඉන්ධන ඇත්තේ තවත් පැය 20 ක කාලයකට පමණක් බවත් ඇන්ඩෘ නවමනී මහතා ප්‍රකාශ කළා

මේ අතර, මෙගාවොට් 300ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරුණු නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රිය ව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?