සපුගස්කන්දේ තෙල් පිරිපහදුවේ ගින්න මැඩපැවැත්වේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඇති වූ ගින්න මේ වන විට මැඩපවත්වා ඇති බව ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

ඊයේ පස්වරුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හිස් ඉන්ධන ටැංකියක් අලුත්වැඩියා කරමින් සිටින අතරතුර එම ඉන්ධන ටැංකියේ මෙම ගින්න හටව්ගත් බවයි වාර්තා වුණේ.

යුද හමුදාව සහ ගුවන් හමුදාව මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද ගින්න මැඩපැවැත්වීම සඳහා යොදව තිබුණු අතර දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව අද අලුයම් කාලයේදී ගින්න මැඩපවත්වා තිබෙනවා.

වසර ගණනාවක් තිස්සේ භාවිතයට නොගත් එම ඉන්ධන ටැංකිය නැවත භාවිතයට ගැනීම සඳහා අලුත්වැඩියා කරමින් සිටින අතරතුර ගිනි පුපුරු ඇති වීමෙන් ගින්න ව්‍යාප්ත වූ බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මෙම ගින්නෙන් තෙල් බෙදා හැරීම සඳහා කිසිඳු බාධාවක් ඇති නොවන බවද කහ්නිජ තෙල් සංස්ථාව විසින් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?