සඳ මතට ගිය යානාවලින් සංඥා නොමැති වීමෙන් ඉන්දීය සඳ ගවේෂකයන් කනස්සල්ලෙන්

ඉන්දියාවේ සඳ මෙහෙයුමේ නිරත විද්‍යාඥයන් දැඩි අභියෝගයකට මුහුණ දී සිටිනවා.

ඒ ඔවුන් සඳ මතට යොමු කර ඇති ලෑන්ඩරය සහ රෝවරයෙන් කිසිදු සංඥාවක් නොලැබී යාම හේතුවෙන්.

ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය වන ඉස්රෝ (Isro) පවසන්නේ නව චන්ද්‍ර දිනයක් ආරම්භ වන බැවින් සඳ ලෑන්ඩරය සහ රෝවරය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරමින් සිටින නමුත් මෙතෙක් කිසිදු සංඥාවක් ලැබී නොමැති බවයි.

ලෑන්ඩරය, රෝවරය සමග පසුගිය අගෝස්තු මාසයේදී සඳෙහි මෙතෙක් ගවේෂණය නොකළ දක්ෂිණ ධ්‍රැවය අසලට ළඟා වුණා.

ඔවුන් එහි දත්ත සහ ඡායාරූප රැස් කිරීමට සති දෙකක් ගත කළ අතර, පසුව මෙම උපකරණ නිද්‍රාශීලීත්වයට (sleep mode) පත් කිරීමටයි ඉන්දීය සඳ ගවේෂකයන් කටයුතු කර තිබුණේ.

අද දිනයේ හිරු උදාවන විට ලෑන්ඩරය සහ රෝවරය බැටරි නැවත ආරෝපණය කර නැවත පිබිදෙනු ඇති බවට ඉස්රෝ බලාපොරොත්තුවෙන් පසු වුණා.

රාත්‍රියේ අධික ශීතල හමුවේ ආරෝපණ බැටරිවලට හානි විය හැකි බවට මතයක් පවතිනවා.

ඊයේ ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය වාර්තා කළේ වික්‍රම් ලෑන්ඩර් සහ ප්‍රග්‍යාන් රෝවරය සමඟ සන්නිවේදනය ඇති කර ගැනීමේ උත්සාහයන් අඛණ්ඩව සිදු කරන බවයි.

ඉන්දියාව සිය චන්ද්‍රයාන්-3 මෙහෙයුමෙන් ඉතිහාසගත වූයේ චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්වූ පළමු රට බවට පත් වෙමින්.

එය එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත ගොඩබෑමක් සාක්ෂාත් කර ගත් පළමු රටයි.

ගොඩබෑම චන්ද්‍ර දිනයක් ආරම්භ වීමට සමගාමීව සැලසුම් කරනු ලැබුවේ වික්‍රම් සහ ප්‍රග්‍යාන්ට සති දෙකක හිරු එළිය ලැබෙනු ඇති බවට අපේක්ෂාවෙන්. සඳ මත එක් දිනක් පෘථිවියේ සති හතරකට මඳක් සමාන වන අතර දිවා රාත්‍රිය බැගින් දින 14ක් පමණ පවතිනවා.

අභ්‍යවකාශ ඒජන්සිය ඔවුන්ගේ චලනයන් සහ සොයාගැනීම් පිළිබඳ නිරන්තර යාවත්කාලීන කිරීම් සිදු කළ අතර ඔවුන් විසින් ගන්නා ලද ඡායාරූප ද ප්‍රසිද්ධ කෙරුණා.

මෙම යානා දෙක නිද්‍රාශීලීත්වයට පත් කිරීමේදී ඉස්රෝ පැවසුවේ යානා ඔවුන්ගේ සියලු කටයුතු සම්පූර්ණ කර ඇති අතර ඊළඟ චන්ද්‍ර දින ආරම්භයේදී ඔවුන් නැවත අවදි වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

විශේෂඥයන් චීනයේ Chang’e4 ලෑන්ඩරය සහ Yutu2 රෝවර් උදාහරණය ගෙනහැර දැක්වූ අතර එය හිරු උදාවත් සමඟ කිහිප වතාවක්ම පිබිදී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
3
+1
6
+1
6
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?