AFC Banner
AFC Banner
Empty Ad

සන්ෂයින්ට ආ මරණ තර්ජනය

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න හෙවත් “සන්ෂයින් සුද්දා“ අද (03) දහවල් වෙඩිතබා ඝාතනය කර තිබුණි.‍

පොලිසිය පැවසුවේ සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර කිසියම් පිරිසක් ඔහුට මාතර කොටවිල ප්‍රදේශයේදී වෙඩි තබා ඇති බවය.

හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න හෙවත් “සන්ෂයින් සුද්දා“ සහ ඔහු සබඳතා පැවැත්වූ  බව කියන කාන්තාවක් පදිංචිව සිට ඇත්තේ මිරිස්ස ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් හෝටලයක ය.

අද දින එම කාන්තාවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයට අවශ්‍ය ආහාර රැගෙන ඒම සඳහා ඔහු ඇයගේ වරකාපිටිය නිවසට ගොස් තිබුණි.

නැවත එම නිවසෙන් පිටත්ව සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර මාතර, කොටවිල වරකාපිටිය මහා විද්‍යාලය අසලදී ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණි.

පොලීසිය සඳහන් කළේ එම පාසල ආසන්නයේ ඇති කැළෑබද ප්‍රදේශයක සිට කිසියම් පුද්ගලයෙකු අමිල ප්‍රසන්නට වෙඩි තබා ඇති බවය.

සන්ෂයින් සුද්දා සබඳතා පැවැත්වූ කාන්තාවට මීට සතියකට පමණ පෙර ඇමතුමක් දී ඔහුව මරාදමන බවට කිසියම් අයකු කළ තර්ජනයක් ඇතුළත් හඬපටයක්ද ඇය විසින් මේ වන විට පොලිසියට ඉදිරිපත්කර තිබේ.

මාතර, මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 29 හැවිරිදි අමිල ප්‍රසන්න හෙවත් සන්ෂයින් සුද්දා දකුණු පළාතේ සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට සම්බන්ධ වී සිට ඇතැයි පොලිසිය පවසයි.

සැකකරුට එරෙහිව මේ වනවිටත් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙන්ම ඩුබායි හි අධිකරණයකද නඩු විභාග වෙමින් තිබේ.

මීට පෙර ඉකුත් මැයි 30 වනදා මිරිස්ස වරාය මාර්ගයේදී සන්ෂයින් සුද්දා හට චින්තක නොහොත් “හරක් කටා” නැමැති පාතාල සාමාජිකයාගේ යැයි සැකකෙරෙන සගයින් දෙදෙනෙකු විසින් වෙඩි තබනු ලැබීය.

නමුත් එම අවස්ථාවේදී ඔහු අසල තිබු නිවසකට ගොස් සිය ජීවිතය බේරා ගන්නා ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.

සන්ෂයින් සුද්දාගේ ඝාතනය පිළිබඳ කොටවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?