සන්ෂයින්ට ආ මරණ තර්ජනය

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න හෙවත් “සන්ෂයින් සුද්දා“ අද (03) දහවල් වෙඩිතබා ඝාතනය කර තිබුණි.‍

පොලිසිය පැවසුවේ සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර කිසියම් පිරිසක් ඔහුට මාතර කොටවිල ප්‍රදේශයේදී වෙඩි තබා ඇති බවය.

හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න හෙවත් “සන්ෂයින් සුද්දා“ සහ ඔහු සබඳතා පැවැත්වූ  බව කියන කාන්තාවක් පදිංචිව සිට ඇත්තේ මිරිස්ස ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් හෝටලයක ය.

අද දින එම කාන්තාවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයට අවශ්‍ය ආහාර රැගෙන ඒම සඳහා ඔහු ඇයගේ වරකාපිටිය නිවසට ගොස් තිබුණි.

නැවත එම නිවසෙන් පිටත්ව සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර මාතර, කොටවිල වරකාපිටිය මහා විද්‍යාලය අසලදී ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණි.

පොලීසිය සඳහන් කළේ එම පාසල ආසන්නයේ ඇති කැළෑබද ප්‍රදේශයක සිට කිසියම් පුද්ගලයෙකු අමිල ප්‍රසන්නට වෙඩි තබා ඇති බවය.

සන්ෂයින් සුද්දා සබඳතා පැවැත්වූ කාන්තාවට මීට සතියකට පමණ පෙර ඇමතුමක් දී ඔහුව මරාදමන බවට කිසියම් අයකු කළ තර්ජනයක් ඇතුළත් හඬපටයක්ද ඇය විසින් මේ වන විට පොලිසියට ඉදිරිපත්කර තිබේ.

මාතර, මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 29 හැවිරිදි අමිල ප්‍රසන්න හෙවත් සන්ෂයින් සුද්දා දකුණු පළාතේ සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට සම්බන්ධ වී සිට ඇතැයි පොලිසිය පවසයි.

සැකකරුට එරෙහිව මේ වනවිටත් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙන්ම ඩුබායි හි අධිකරණයකද නඩු විභාග වෙමින් තිබේ.

මීට පෙර ඉකුත් මැයි 30 වනදා මිරිස්ස වරාය මාර්ගයේදී සන්ෂයින් සුද්දා හට චින්තක නොහොත් “හරක් කටා” නැමැති පාතාල සාමාජිකයාගේ යැයි සැකකෙරෙන සගයින් දෙදෙනෙකු විසින් වෙඩි තබනු ලැබීය.

නමුත් එම අවස්ථාවේදී ඔහු අසල තිබු නිවසකට ගොස් සිය ජීවිතය බේරා ගන්නා ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.

සන්ෂයින් සුද්දාගේ ඝාතනය පිළිබඳ කොටවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55