සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය සහ පොපි මල් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

“සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය – 2023” ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විහාර මහාදේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද (11) පස්වරුවේ පැවැත්වුණා.

පළමු ලෝක යුද සංග්‍රාමයේ සිට වර්තමානය දක්වා මාතෘ භූමියේ සුරක්ෂිතතාවය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය කිරීමට හා ඔවුන්ට ගෞරවය පුද කිරීම සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සන්නද්ධ සේවාවන් සමඟ එක්වයි වාර්ෂිකව මෙය සංවිධානය කරනු ලබන්නේ.

පළමු හා දෙවන ලෝක සංග්‍රාමවලදී මියගිය සෙබලුන් සිහිපත් කරමින් කොළඹ, විහාර මහාදේවි උද්‍යානයේ ස්ථාපිත කෙරුණු රණවිරු ස්මාරකයට වසර 100ක් සැපිරීම සැමරීම ද මෙහිදී සිදු කෙරුණා.

උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) මහතා විසින් පිළිගනු ලැබුවා.

සර්ව ආගමික වතාවත්වලින් අනතුරුවයි රණවිරු සැමරුම් උත්සවය ආරම්භ වූයේ.

දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වුණු අතර ජනාධිපතිවරයා ප්‍රමුඛ අනෙකුක් සම්භාවනීය අමුත්තන් සහ සේවා මුක්ත භට සංගමයේ නියෝජිතයන් යුද ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.

රණවිරු ස්මාරකයේ විශේෂ සියවස් සමරු ඵලකය නිරාවරණය කිරීම සිදු කෙරුණේ ජනාධිපතිවරයා අතින්.

රණවිරු ස්මාරකයට වසර 100ක් සැපිරීම නිමිත්තෙන් එළිදැක්වුණු විශේෂ සමරු මුද්දරය සහ මුල් දින කවරය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ තැපැල්පති රුවන් සත්කුමාර යන මහත්වරුන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා.

නාවික හමුදා සුළු නිලධාරි (විශ්‍රාමික) කේ. නිහාල් මහතා විසින් සම්පාදිත “War memorials in Sri Lanka” නමැති ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් සිදු කළා.

මේ අතර පළමු හා දෙවන ලෝක සංග්‍රාමයන්හීදී සහ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව මේ දක්වා සේවයේ යෙදී සිටියදී මියගිය සේවා පුද්ගලයන් සිහිකිරීමේ දිනය අදට (11) යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කල ප්‍රධාන සිහිකිරීමේ උත්සවය අද නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායකගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදීත්, විධාන ආඥාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සියළුම නාවික විධානයන්හීදීත් අභිමානවත්ව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබුණා.

පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්හි දී දිවි පිදූ සේවා පුද්ගලයන් සිහිපත් කිරීම උදෙසා ආරම්භ වී ඇති මෙම සිහිකිරීමේ දිනය (Remembrance Day), වර්තමානයේදී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු මේ දක්වා මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම සේවා පුද්ගලයන් අනුස්මරණය කිරීම වෙනුවෙන් වාර්ෂිකව නොවැම්බර් මස 11 වන දින පවත්වනු ලබනවා.

ඒ අනුව, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් ‍මෙහෙයුම්ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ පැවති සිහිකිරීමේ උත්සවය සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් පිරිසක් සහභාගී වුණා.

නාවික හමුදා මූලස්ථානයේදී පැවති සිහි කිරීමේ උත්සව අවස්ථාවට සමගාමීව උතුර, නැගෙනහිර, බටහිර, උතුරු මැද, ගිණිකොන, වයඹ සහ දකුණ යන නාවික විධානයන්හීදී එම විධාන ආඥාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ එම විධානයන්ට අයත් නෞකා හා ආයතනයන්ට අයත් නාවික පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් මිය ගිය සේවා පුද්ගලයන් සිහි කිරීමේ අවස්ථාව අභිමානවත්ව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?