යාපනය – චුන්නාකම් පොලිස් බල ප්‍රදේශයට අයත් දාවඩී ප්‍රදේශයේ දී තරුණයෙකුට කිසියම් සන්නද්ධ කල්ලියක් විසින් කඩුවලින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබෙනවා.
අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; නාඳුනන පිරිසක් තරුණයාගේ නිවසට රාත්‍රී කාලයේ දී පැමිණ මෙම පහරදීම සිදුකර පලා ගොස් ඇති බවයි.
මෙම ප්‍රහාරයෙන් 22 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තමන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසියට පැමිණිලි කර ඇති අතර එම ප්‍රහාරය සඳහා සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණි බවටයි පොලිසියට දුන් පැමිණිල්ලේ සඳහන් ව ඇත්තේ.
මෙම ප්‍රහාරයට හේතුවක් මෙතෙක් හෙළි වී නොමැති බවත් මීට පෙර වසරකදී ද ඔහුගේ මවට සහ ඔහුට මෙවැනි ම ආකාරයේ කඩු ප්‍රහාරයක් එල්ල වූ බවත් හෙළි ව තිබෙනවා.