සනත්, මිලාන් සහ ඩෑන්ගේ ජංගම දුරකතන CIDයට භාරදෙන ලෙස නියෝග

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ ජංගම උපාංග බදාදා (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

2022 ජුනි 9 වනදා ගෝඨාගම විරෝධතා ස්ථානයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සැකකරුවන් ලෙස මෙම තිදෙනා නම් කර ඇත.

සැකකරුවන් ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන තුරු අධිකරණයේ රඳවා තබන ලෙස ද අධිකරණය නියෝග කළේය.