සනත් නිශාන්ත මැරුවා ද? මැරුණා ද?

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේදී ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරා අනතුර සිදුවූ දිනයේ දහවල් තම වට්ස්ඇප් ගිණුමේ තබා ඇති බව කියන සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රභාත් එරංග නම් රියදුරා තම වට්සැප් ගිණුමේ තබා තිබුණේ මෙවන් සටහනක්.

“හෙට වෙනකොට මගේ නමට යටින් ලස්සන පොටෝ එකක් වැටිලා නමට උඩින් අමා මහ නිවන් සුව කියලා තිබ්බොත් උඹලට හිතෙන දේ කියන් යමන් මැරෙන්න කලියෙන් මම ඒ ටික කියවන්න හරි ආසයි”

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රියදුරා වන ප්‍රභාත් එරංග පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අනතුර පිළිබඳ තොරතුරු හෙළි කර තිබෙනවා.

ඇමතිවරයා ඇතුලු පිරිස හැකි ඉක්මනින් කොළඹට පැමිණීමට උත්සාහ කරමින් සිටි අතර එම අවස්ථාවේදී සනත් නිශාන්ත මෝටර් රථයේ නිදාගෙන සිට ඇති බවයි රියදුරු ප්‍රකාශ කර ඇත්තේ.

“අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න බලාගෙන ආවේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා. ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ රථය පැයට කිලෝ මීටර් 160ක පමණ වේගයකින් ධාවනය වී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇති සඳහන්.

අනතුරින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ හිසට සහ දකුණු පාදයට බරපතළ තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර තිබෙනවා.

මහජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ලේ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබූ සනත් නිශාන්තගේ දේහය මේ වන විට ආරච්චිකට්ටුව බලා රැගෙන යාම ආරම්භ වී තිබෙනවා. දේහය අද පස්වරුවේ ඔහුගේ නිවස වෙත රැගෙන යාමට නියමිතයි.

Sanath Nishantha Driver
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
38
+1
5
+1
8
+1
10
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?