සනත් නිශාන්ත මැරුවා ද? මැරුණා ද?

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේදී ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරා අනතුර සිදුවූ දිනයේ දහවල් තම වට්ස්ඇප් ගිණුමේ තබා ඇති බව කියන සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රභාත් එරංග නම් රියදුරා තම වට්සැප් ගිණුමේ තබා තිබුණේ මෙවන් සටහනක්.

“හෙට වෙනකොට මගේ නමට යටින් ලස්සන පොටෝ එකක් වැටිලා නමට උඩින් අමා මහ නිවන් සුව කියලා තිබ්බොත් උඹලට හිතෙන දේ කියන් යමන් මැරෙන්න කලියෙන් මම ඒ ටික කියවන්න හරි ආසයි”

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රියදුරා වන ප්‍රභාත් එරංග පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අනතුර පිළිබඳ තොරතුරු හෙළි කර තිබෙනවා.

ඇමතිවරයා ඇතුලු පිරිස හැකි ඉක්මනින් කොළඹට පැමිණීමට උත්සාහ කරමින් සිටි අතර එම අවස්ථාවේදී සනත් නිශාන්ත මෝටර් රථයේ නිදාගෙන සිට ඇති බවයි රියදුරු ප්‍රකාශ කර ඇත්තේ.

“අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න බලාගෙන ආවේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා. ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ රථය පැයට කිලෝ මීටර් 160ක පමණ වේගයකින් ධාවනය වී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇති සඳහන්.

අනතුරින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ හිසට සහ දකුණු පාදයට බරපතළ තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර තිබෙනවා.

මහජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ලේ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබූ සනත් නිශාන්තගේ දේහය මේ වන විට ආරච්චිකට්ටුව බලා රැගෙන යාම ආරම්භ වී තිබෙනවා. දේහය අද පස්වරුවේ ඔහුගේ නිවස වෙත රැගෙන යාමට නියමිතයි.

Sanath Nishantha Driver
  1. අර ප්‍රසන්න කිව්වෙ එහේ ගෙවල් මැ කියල එතකොට ආරච්චි කට්ටුවෙ පිට්ටනියේද තියන්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03