සනත් නිශාන්තට එරෙහිව තිබූ අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඉල්ලා අස්කර ගනී

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් තුනක් ඉල්ලා අස්කර ගැනීමට අභියාචනාධිකරණය අද (20) අවසර ලබා දුන්නා.

මෙම පෙත්සම් අද (02) සෝභිත රාජකරණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාර සනත් නිශාන්ත මහතා මේ වන විට මියගොස් ඇති බැවින් මෙම පෙත්සම් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත් ඒවා ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදුන්නා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඉකුත් 2022 වසරේ අගෝස්තු මස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී අරගලකරුවන්ට ඇප ලබාදීමේ දී මහේස්ත්‍රාත්වරු අනුගමනය කරනු ලබන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ ප්‍රකාශයකින් සනත් නිශාන්ත අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
01:01
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
02:30
Video thumbnail
රෝහණ බණ්ඩාර හදිසියේ මාධ්‍ය කැඳවයි - බටලන්ද ගෙනල්ලා පටි රෝල් නේද
17:56
Video thumbnail
පරණ අවුරුද්දේ හද කම්පා කළ සිද්දිය
02:05
Video thumbnail
දැන් තුනත් නෑ - හෙල්ලෙන්නෙත් නෑ - අපිලගේ සාදු අද කතරගම හොල්ලයි
04:51
Video thumbnail
කොළඹ රන් කරපු ගමේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම අවුරුද්දට ගමේ ගිහිං
09:38
Video thumbnail
අවුරුදු නැකත් වැරදියි - මාධ්‍ය කැඳවයි - නැකත් නිසා අවුරුදු හබක් වෙයිද ?
18:53
Video thumbnail
කොටහේන වෙ# තැබීමේ නවතම දර්ශන - සැකකරු තවම මිසින් පොලිසිය කොළඹ පීරයි
03:43

?