AFC Banner
AFC Banner
Empty Ad

සනත් නිශාන්තගේ ආරක්ෂක නිලධාරියාගේ අවසන් කටයුතු අද – ලක්ෂ 15ක මූල්‍යාධාරයකුත් (වීඩියෝ)

කටුනායක අධිවේගී මාර්ගයේ දී හදිසි අනතුරකට ලක්ව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමඟ ජීවිතක්ෂයට පත් වූ ඔහුගේ ආරක්ෂක වශයෙන් සේවය කළ පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩිගේ අවසන් කටයුතු අද (27) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඔහුගේ අවසන් කටයුතු හෑදෙනිය, මරවනාගොඩ දී සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර අභාවප්‍රාප්ත පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩිගේ පවුලට රුපියල් ලක්ෂ 15ක මූල්‍යාධාරයක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පරිත්‍යාගකර තිබෙනවා.

පසුගිය 25 වනදා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ ජලසම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ අවසන් කටයුතු හෙට (28) දිනයේ රාජකඳළුව රෝමානු කතෝලික සුසාන භූමියේ දී සිදුකිරීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔහුගේ දේහය මේ වනවිට ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත්කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයාට අවසන් ගෞරව දැක්වීමට පුත්තලම ප්‍රදේශයේ ජනතාව ඊයේ (26) පස්වරුවේ සිට එහි පැමිණෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?