AFC Banner
Empty Ad
Empty Ad

සධාතුක පෙරහැර කරඬුව වීදි සංචාරය කෙරේ

ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කොට තිබූ සධාතුක පෙරහැර කරඬුව ශ්‍රී දළදා මාලිගාව වෙත වැඩම කරන දහවල් පෙරහැර වීදි සංචාරය කිරීම අද (20) පස්වරුවේ සිදු කෙරුණා.

අප වාර්තාකරු පැවසුවේ; අද පස්වරු 02.11ට උතුරු දිශාභිමුඛව පෙරහැර වීදි සංචාරයට එක් වූ බවයි.

සධාතුක පෙරහැර කරඬුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් සිංහරාජා ඇතු විසින්.

මියන්රාජා හා කෝට්ටේ රාජා ඇතුන් දෑලේ ගමන් ගත් බවත් වාර්තා වනවා.

දිය කැපීමෙන් පසු නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාල දළදා පෙරහැරට එක් වූ අතර එම පෙරහැර දළදා මාලිගාව වටා තෙවරක් ප්‍රදක්ෂිණා කොට මාලිගාව වෙත ගෙවැදීම සිදු කෙරුණා.

දහවල් පෙරහැර සමඟ මහනුවර නගරයට වැසි ඇද හැලුණු අතර වර්ෂාව නොතකා සැදැහැවතුන් පෙරහැර මංගල්‍ය නැරඹීමට සහභාගී ව සිටි ආකාරය දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?