සධාතුක පෙරහැර කරඬුව වීදි සංචාරය කෙරේ

ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කොට තිබූ සධාතුක පෙරහැර කරඬුව ශ්‍රී දළදා මාලිගාව වෙත වැඩම කරන දහවල් පෙරහැර වීදි සංචාරය කිරීම අද (20) පස්වරුවේ සිදු කෙරුණා.

අප වාර්තාකරු පැවසුවේ; අද පස්වරු 02.11ට උතුරු දිශාභිමුඛව පෙරහැර වීදි සංචාරයට එක් වූ බවයි.

සධාතුක පෙරහැර කරඬුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් සිංහරාජා ඇතු විසින්.

මියන්රාජා හා කෝට්ටේ රාජා ඇතුන් දෑලේ ගමන් ගත් බවත් වාර්තා වනවා.

දිය කැපීමෙන් පසු නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාල දළදා පෙරහැරට එක් වූ අතර එම පෙරහැර දළදා මාලිගාව වටා තෙවරක් ප්‍රදක්ෂිණා කොට මාලිගාව වෙත ගෙවැදීම සිදු කෙරුණා.

දහවල් පෙරහැර සමඟ මහනුවර නගරයට වැසි ඇද හැලුණු අතර වර්ෂාව නොතකා සැදැහැවතුන් පෙරහැර මංගල්‍ය නැරඹීමට සහභාගී ව සිටි ආකාරය දක්නට ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59