සද්දන්තයෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

උඩවලව ජාතික වනෝද්‍යානයේ මව් ආර ගම්මානයේ 10 කණුව ප්‍රදේශයේ දී වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (05) අලුයම් කාලයේ දී කිසියම් අයෙකු විසින් වන අලියාට වෙඩි තබා ඇති බවයි.

වෙඩි වැදුණු වන අලියා ජීවිතක්ෂයට පත් ව ඇති අතර වෙඩි වැදී ඇත්තේ එම සත්ත්වයාගේ හිසටයි.

වයස අවුරුදු 25-30ත් අතර පසුවන වනඅලියා උසින් අඩි 08ක් පමණ වන පිරිමි සතෙක්.

මේ පිළිබඳව මව්ආර අඩවි වනකාර්යාලය විසින් හම්බේගමුව පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

අලියාට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා හම්බේගමුව පොලිසියේ සහ වනජීවීන් නිලධාරින් විසින් විමර්ශන කටයුතු අරඹා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?