AFC Banner
AFC Banner
Empty Ad

සති අන්තය ලොක්ඩවුන්ද? තීරණය යුද හමුදාපති කියයි

සති අන්තයේ සංචරණ සීමා පැනවීමේ සූදානමක් පවතිනවාද යන්න මේවන විට කතාබහට ලක්ව තිබෙනවා.

ඒ පිලිබඳ අදහස් දක්වමින් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූවේ සති අන්තයේ දිගු නිවාඩුවක් යෙදී තිබුණත් සංචරණ සීමා පැනවීමට තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වුවද පළාත් අතර සංචාර සීමා දිගටම ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළා.

රටපුරා කොවිඩ් ආසාදිතයන් විසිදාහක් පමණ ප්‍රතිකාර ලබන සහ ආසාදිතයන් දිනකට 1500කට අඩු සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබෙන තත්වයක් යටතේ ඉතා කල්පනාකාරීව කටයුතු කරන්නැයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අවදානමක්!

එසේ කටයුතු නොකළහොත් අවදානමක් මතුවිය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

රට පුරා දැනට හුදෙකලා කර ඇත්තේ සීමිත ප්‍රදේශ සංඛ්‍යාවක් පමණක් බවත් එන්නත්කරණ වැඩපිළිවෙලද රට පුරා සාර්ථකව ක්‍රියාත්මකවෙමින් පවතින බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

කොවිඩ් වැළඳී මිය ගිය පිරිසෙන් වැඩි දෙනෙකු එන්නත ලබා නොගත් අය බවද ඔහු පැවසූවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?