සති අන්තයේ විදුලි කප්පාදුව ගැන විශේෂ නිවේදනයක්

මෙවර සති අන්තයේ විදුලි කප්පාදුව සිදුකරන කාලය අඩු කිරීමට බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, අද (07) සහ හෙට (08) යන දෙදින ද සාමාන්‍ය පරිදි පැය 06යි මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් සිදුවන බවය.

ඒ අනුව අද දිනයේත් A සිට L දක්වා කලාප සඳහා පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 04ක කාලයක් ද පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 2යි මිනිත්තු 30ක කාලයක් ද විදුලි කප්පාදුව සිදුවනු ඇත.

P සිට W දක්වා කලාපවලට පෙරවරු  10.00 සිට පස්වරු 6.00 දක්වා පැය 04ක කාලයක් ද පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 02යි මිනිත්තු 30ක කාලයක් ද විදුලි කප්පාදුව සිදුවේ.

ඊට අමතරව කොළඹ නගරය ආශ්‍රිතව පෙරවරු 6.00 සිට පෙරවරු 9.30 දක්වා විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

ඉදිරි කාලය තුළ ක්‍රමානුකූලව විදුලි කප්පාදුව සිදුකරන කාලය අඩුකිරීමට බලාපොරොත්තු වන බවය මහජන උපයෝගතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

“සති අන්තයේ දී අපිට තියෙන ඉල්ලුම අඩුවෙන නිසා විදුලි කප්පාදුව අඩුකරන්න හැකියාව තියෙනවා. ඉන්දියන් කෙඩිට් ලයින් එකෙන් අපිට අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ලැබෙනවා. ඒ වගේම කලින් මුදල් ගෙවලා තියෙන ෂිප්මන්ට් එකක් අද ලංකාවට එන්න සැලසුම් කරලා තියෙනවා. සුමානයක් විතර තිබුණ නැවටත් මුදල් වෙන්කළා කියලා දැනගන්න ලැබුණා. ඉදිරියේ දී සිංහල දෙමළ අවුරුද්ද එන නිසා විදුලි කප්පාදුව අවම කරලා මහජනතාවට කිසියම් සහනයක් ලබාදීම මහජන උපයෝගිතා කොමිසමේ කාර්ය වෙන්නේ. “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27