AFC Banner
AFC Banner
Empty Ad

සත් පන්ති කඳු තරණය කරමින් වාර්තා අතරට එක් වීමට තැත් කරන ලාංකිකයා

ලෝකයේ මහාද්වීප හතේ උසම කඳු මුදුන් තරණය කර, ඒවායේ ශ්‍රී ලංකා ජාතික ධජය එසවීම තම එකම බලාපොරොත්තුව සහ අභිලාෂය බව ශ්‍රී ලාංකික කඳු තරණය කරන්නෙකු වන යොහාන් පීරිස් මහතා පවසනවා.

අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී මේ බව කියා සිටියේ ඇන්ටාටිකාවේ උසම කඳු මුදුන වන මීටර් 4,690ක් උස මවුන්ට් වින්සන්ට් තරණය කිරීම දිවයිනෙන් පිටත් ව යමින්.

ඔහු මේ වනවිට ොස්ට්‍රෙලියාවේ කොසිඔස්කෝ, අප්‍රිකාවේ කිලිමැන්ජාරෝ, යුරෝපයේ එල්බ්‍රෙස් සහ ආසියාවේ එවරස්ට් යන කඳු 04 ම සාර්ථකව තරණය කර තිබෙනවා.

මීට අමතරව ආජින්ටිනාවේ ඇකන්කගුවා සහ ඇලෙස්කාවේ මවුන්ට් දිනාලි කඳු මුදුන් තරණය කිරීමට ඔහුට තවදුරටත් ඉතිරි වී පවතින බවයි හෙතෙම පැවසුවේ.

මෙම කඳු මුදුන් 07 ම සාර්ථක ව තරණය කළ ලෝකයේ කඳු නගින්නන් 350 දෙනෙකු සිටින බව ද, තමා ද ඔවුන් අතරට එක් වී ශ්‍රී ලංකාවට කීර්තිය රැගෙන ඒමට බලාපොරොත්තුවෙන් මෙම කඳු තරණය කිරීම සිදු කරන බව ද යොහාන් මහතා සඳහන් කළා.

යොහාන් පීරිස් කොළඹ – බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පියෙක්.

ඔහු මමෙවර කඳු තරණය කිරීමට අද අලුයම 04.15ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයෙන් දෝහා වෙත ගොස් , එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඇන්ටාටිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?