AFC Banner
Empty Ad
Empty Ad

සත්මාලේ දිය ඇල්ලේ ගිලි ගිය පිය-පුතු දෙදෙනා

අද පස්වරුවේ දෙනියාය කොළවෙනිගම සත්මාලේ ඇල්ලේ දියනෑමට ගිය පියා සහ පුතු එම ඇල්ලට වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා. එලෙස මියගොස් ඇත්තේ ගාල්ල හපුගල ගිංතොට ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පියෙක් සහ 16 හැවිරිදි පුතෙකි.

පුතා විසින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යෑමේදී පය ලිස්සා ඇල්ල පහළට ඇදවැටී තිබූ අතර පුතා බේරාගැනීම සඳහා පියා ඇල්ලට පැන තිබේ.

එහිදී දෙදෙනාම අතුරුදන්වී ඇති අතර පසුව සිරුර දෙක සොයාගනු ලැබුවා.

එකම පවුලේ මව, පියා, පුතා සහ දියණියන් දෙදෙනෙකු විනෝදය සඳහා මෙහි පැමිණ තිබු අතර ප්‍රදේශවාසියෙකු පැවසුවේ මෙම ස්ථානයේ මීට පෙර පුද්ගලයින් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

පියා සහ පුතා වැටී ඇති ස්ථානය අඩි 40ක් පමණ ගැඹුරු බවද ප්‍රදේශවාසීන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?