AFC Banner
Empty Ad
Empty Ad

සටන් පාඨ වලට බය වෙලා වැටුප් වැඩි කරනවාට විරුද්දයි : SB

පාරිභෝගික භාණ්ඩ වෙනුවෙන් සහන ලබාදීමට තමා එකග නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා.ජල හා විදුලි සේවා සදහාද ලබාදෙන සහන හේතුවෙන් බොහෝ දෙනෙක් කිසිදු අරපිරිමැස්මකින් තොරව ඒම සේවා භාවිත කරන බවටයි මන්ත්‍රීවරයා චෝදනා කලේ.

පවතින ගෝලීය කොරෝනා වසංගතය හමුවේ උද්ගතව වී ඇත්තේ වැටුප් ඉහල නංවන කාළයක් නොව වැටුප් කප්පාදු කරන කාළයක් බවටද එස් බී දිසානායක මහතා කියා සිටියා.

එවන් සමයක මෙරට තුළද විවිධ ඉල්ලීම් මත උද්ඝෝෂණ හි විරෝධතා පැවැත්වීමට ඉඩ නොතැබිය යුතු බවයි මන්ත්‍රීවරයා අවධාරණය ⁣කළේ.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එස් බී දිසානායක මහතා මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?