සජිත්ට දැඩි චෝදනා කරමින් රෝසිගෙන් දීර්ඝ ලිපියක්

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

බෙදී වෙන්වී වැනසෙනවා ද ? එකට එක්වී ජයගන්නවා ද ? අර්බුදය හමුවේ විපක්ෂය හමුවේ ඇති අත්නොහැරිය හැකි වගකීම
…………………….

මේ වන විට අප මුහුණදෙමින් සිටින්නේ මෙරට ඉතිහාසය තුළ අන්කවරදාකවත් මුහුණ නොදුන් ආකාරයේ බරපතල ආර්ථික සහ දේශපාලනික අර්බුදයට බව මා අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

මේ තත්වය හේතුවෙන් නිර්මාණය වූ ආර්ථික සහ දේශපාලනික අස්ථාවරත්වය සමස්තයක් ලෙස රටේ සියලු පුරවැසියන්ගේ ජීවන පැවැත්ම අභියෝගයට ලක් කර තිබේ.

රෝහල් වල ඖෂධ නොමැත, දරුවන්ට කිරිපිටි නැත, ගෑස් , පෙට්‍රල් ඩීසල් , විදුලිය සැපයුම් සියල්ල අක්‍රිය වී ඇත. රට පුරා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම් ජාලය බිඳවැටෙමින් තිබේ.

හෙට දවසේ ජනතාවගේ ජීවිතය අවිනිශ්චිතය. රට පුරා ජනතාව පාරට බැස යුක්තිය යදිමින් සිටී. දිනෙන දින දිග්ගැස්සෙන පෝලිම්වල ඔවුන් තෙරපෙමින්, මිරිකෙමින්, දුක් විඳිමින් සිටී.

රටේ ආණ්ඩුව රටටත් ජනතාවටත් මේ වන අත්කර දී ඇති ඉරණම පිළිබද මම අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. නමුත් රටේ විපක්ෂය මේ මොහොතේ මෙම තීරණාත්මක ජාතික ගැටළුව වෙනුවෙන් මැදිහත් වීම පිළිබඳ කතා කිරීමට අපට අයිතියක් තිබේ.

මෙවැනි තීරණාත්මක අවස්ථාවක විපක්ෂය සිදු කලයුත්තේ කුමක්ද?

ගිලිහී යන බලය රැක ගැනීම වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට සුපුරුදු දේශපාලන දාදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටින බව රහසක් නොවේ.

මෙම තත්වය තුළ පසුගිය කාලයේ පැවති පාර්ලිමේන්තු විවාද වලින් රටේ මතුව ඇති සැබෑ අර්බුදය නිරාකරණය සඳහා ලද ප්‍රයෝජනය කුමක්දැයි යන්න අවංකවම ප්‍රශ්න කිරීමට දැන් කාළය උදා වී ඇත.

අරගලය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම් සෙවිය හැක්කේ ව්‍යවස්ථාදායකය තුළිනි. මේ මොහොතේ එහි භාරධුර වගකීම ඇත්තේ විපක්ෂනායකවරයා ප්‍රමුඛ විපක්ෂයටය.

නමුත් විපක්ෂය එම කාර්යභාරය ඉටුකරනු වෙනුවට අද සිදුකරමින් සිටින්නේ තවදුරටත් තම දේශපාලන කඳවුරු තුළටම සිරවෙමින් කටයුතු කිරීම පමණක් දැයි මට සිතේ.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පක්ෂය යනු පක්ෂ දෙකක් නොව එකම මහා පවුලකින් වෙන්ව ගිය සොයුර සොයුරියන්ගෙන් සමන්විත තනි දේශපාලන බලවේගයක් බව එම පක්ෂ නියෝජනය කරන නායකකාරකාදීන් සිහිපත් කරදීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.

ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතාවාදී පිරිස් ප්‍රමුඛව ආණ්ඩුවට එරෙහිව නැගී එන සියලු දේශපාලන පක්ෂ සහ බලවේගයන් සම්බන්ධීකරණය කරමින් රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ සංවේදී අරගලය වෙනුවෙන් ව්‍යවස්ථාදායකය තුළ සිදුකළ හැකි තීරණාත්මක වෙනස්කම් සිදුකිරීමට විපක්ෂය දැන්වත් එකාමෙන් අත්වැල් බැඳ ගත යුතුය.

එම එක්වීම සඳහා තව දුරටත් කල් මරමින් සිටීමෙන් සිදුවන්නේ ඔබ බලයට පත් කිරීම වෙනුවෙන් කැපවුණු ජනතාව තවදුරටත් පීඩාවට පත්වීම පමණක් බව විපක්ෂය නියෝජනය කරන ඔබ සැමට අමතක වීම කණගාටුදායකය.

මේ වසර අවසානයට පෙර තවත් ඩොලර් බිලියන 7 ක ණය මුදලක් ගෙවා දැමීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. ණය මුදල් නොගෙවීමට මහබැංකුව තීරණය කළ බව කිය වෙන්නේ ඒ අතරතුරය. එසේ නම් තව දුරටත් ජාත්‍යන්තරයෙන් ණය ලබා ගැනීමට ද ශ්‍රී ලංකාවට අසීරු තත්වයක් නිර්මාණය වනු ඇත.

එවැනි වාතාවරණයක් තුළ එදිනෙදා අවශ්‍යතාවයන් වෙනුවෙන් ඖෂධ ආහාරපාන ඉන්ධන අප ලබා ගන්නේ කෙසේද? ජනතාවට බඩගින්නේ මියැදෙන්නට දෙනවද?

පවතින වාතාවරණය තුළ අප්‍රේල් මාසය අවසන් වන විට නියත වශයෙන්ම රට තවදුරටත් අර්බුදයෙන් අර්බුදයට තල්ලූ වී යනු ඇත.

දූෂිත පාලකයන් ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ආයතන සේම රටවල් ද ශ්‍රී ලංකාව දෙස බලන්නේ වපර ඇසිනි.

මේ තත්ත්වය වෙනස් කිරීමට නම් අප වහා රට තුළ විශ්වසනීයත්වය, මූල්‍ය විනය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවේදයක් තහවුරු කළ යුතුව තිබේ.

ඒ වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරය ඉටුකිරීමේ වගකීම පැවරී ඇති විපක්ෂයේ සියළු දේශපාලන පක්ෂ එකට එක් වීමේ අවශ්‍යතාවය යළි යළිත් අවධාරණය කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

අවස්ථාවාදී සහ අදූරදර්ශි දේශපාලකයින් විසින් රටේ වර්තමානය පමණක් නොව නුපන් පරපුර පවා ඛේදනීය ඉරණමකට ඇද දමා ඇති අවස්ථාවක විපක්ෂයක් ලෙස තමන්ට පැවරී ඇති අත්නොහැරිය හැකි සහ පැහැර හැරිය නොහැකි වගකීම වෙනුවෙන් මේ මොහොතේ කැපවිය යුතුය.

ප්‍රශ්න හමුවේ පොදු සම්මුතික වැඩ පිළිවෙලක් වෙනුවෙන් සියලු දෙනා එකට එක්ව විශ්වාසයෙන් අත්වැල් බැඳ ගනිමින් රටත් ජනතාවත් වෙනුවෙන් ශක්තිමත් ප්‍රවේශයක් සමගින් ඉදිරියට යනවාද? නැතිනම් බියෙන් මුළු ගැන්වී තැන තැන්වලට වී වගකීමෙන් පලා යනවාද? යන්න විපක්ෂයේ සියලු දෙනා දැන්වත් තීරණය කළ යුතුය.

එබැවින් මේ තීරණාත්මක අවස්ථාවේ සියළු භේද පසෙකලා එකාවන්ව පෙළගැසෙමින් මහජන නියෝජිතයින් ලෙස මාතෘ භූමියේත් ආදරණීය ජනතාවගේත් හෙට දවසේ තීරණාත්මක ඉරණම යහපත් කිරීම උදෙසා කැප වන්නට අප සියලු දෙනා අදිටන් ගතයුතු බව මගේ විශ්වාසයයි.

ඒ වෙනුවෙන් මහජන නියෝජිතයින් ලෙස අප දිවි හිමියෙන් කැපවෙමු.

රෝසි සේනනායක – පුරපති
කොළඹ මහනගර සභාව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?