AFC Banner
Empty Ad
Empty Ad

සජබ; විජිතපුර කාන්තා සංවිධානයේ භාණ්ඩාගාරිකවරියට පහරදීමක්

ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් විසින් සමගි ජන බලවේගයේ විජිතපුර කාන්තා සංවිධානයේ භාණ්ඩාගාරිකවරියට ඊයේ (17) රාත්‍රියේ දී සිදුකළ පහරදීමකින් එම කාන්තාව බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

ඊයේ රාත්‍රියේ දී මෙම කාන්තාව දරුවා සමග සිය නිවසේ තනිවම සිටිය දී පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවන් කිහිප දෙනෙකු පැමිණ ඉතා අමානුෂික ලෙස තමන්ට පහර දුන් බවයි එම කාන්තාව කියා සිටියේ.

පසුව ප්‍රදේශවාසීන් විසින් තමන්ව කලා වැව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කල බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළා.

සමගි ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර අද (18) දහවල් එම කාන්තාවගේ සූවදුක් සොයා බැලීම සඳහා රෝහලට පැමිණි අතර මාධ්‍ය වෙත ද අදහස් දක්වා තිබුණා.

එහිදී ඔහු පවසා සිටියේ, ජාතික ජන බලවේගය; පරාජය දරා ගැනීමට නොහැකිව විරුද්ධ මතධාරීන්ට සහ ක්‍රියාකාරීන්ට පහරදීම ආරම්භ කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
8
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?