සජබ; විජිතපුර කාන්තා සංවිධානයේ භාණ්ඩාගාරිකවරියට පහරදීමක්

ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් විසින් සමගි ජන බලවේගයේ විජිතපුර කාන්තා සංවිධානයේ භාණ්ඩාගාරිකවරියට ඊයේ (17) රාත්‍රියේ දී සිදුකළ පහරදීමකින් එම කාන්තාව බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

ඊයේ රාත්‍රියේ දී මෙම කාන්තාව දරුවා සමග සිය නිවසේ තනිවම සිටිය දී පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවන් කිහිප දෙනෙකු පැමිණ ඉතා අමානුෂික ලෙස තමන්ට පහර දුන් බවයි එම කාන්තාව කියා සිටියේ.

පසුව ප්‍රදේශවාසීන් විසින් තමන්ව කලා වැව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කල බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළා.

සමගි ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර අද (18) දහවල් එම කාන්තාවගේ සූවදුක් සොයා බැලීම සඳහා රෝහලට පැමිණි අතර මාධ්‍ය වෙත ද අදහස් දක්වා තිබුණා.

එහිදී ඔහු පවසා සිටියේ, ජාතික ජන බලවේගය; පරාජය දරා ගැනීමට නොහැකිව විරුද්ධ මතධාරීන්ට සහ ක්‍රියාකාරීන්ට පහරදීම ආරම්භ කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17