Empty Ad
AFC Banner
Empty Ad

සජබ රැලියේ සිංදු කියන්න ඕන කියා පොඩ්ඩෙක් හඬා වැටෙයි

සමගි ජන සන්ධානයේ ඊයේ (17) රාත්‍රියේ දී පැවති ජන රැලියේ දී කුඩා දරුවෙකු තමන් හට එම වේදිකාවේ ගීත ගායනා කිරීමට අවශ්‍ය බවට කියමින් හැඬූ පුවතක් වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම කුඩා දරුවා සමගි ජන බලවේගය ආසන සංවිධායකවරුන් අසලට ගොස් තමන්ට ගීත ගායනා කරන්නට අවස්ථාවක් ලබාදෙන ලෙසට ඉල්ලමින් හඬා වැටුණු බවයි.

එම අවස්ථාවේදී සජබ පක්ෂ නියෝජිතයින් පවසා ඇත්තේ දරුවාට එම අවස්ථාව ලබාදීමට සංවිධායක මණ්ඩලය ලවා කටයුතු කරලීමට උත්සාහ ගන්නා බවයි.

කෙසේවෙතත් ඉන් පසුව දරුවා හැඬීම නතර කර මාධ්‍යයට තමන් හැඬීමට හේතු පවසා තිබෙනවා.

තමන්ට වේදිකාව මත ගීත ගායනා කිරීමට ආසාවක් තිබූ බවත්, තමන් එහි පැමිණියේ ඒ සඳහා බවත් අවස්ථාවක් නොලැබේ යැයි සිතා දුක සිතී හැඬූ බවත් හෙතෙම කියා සිටියා.

එවිට අප මාධ්‍යවේදියා විමසා ඇත්තේ ගායනා කිරීමට බලාපොරොත්තු වන ගීත කවරේද යන්නයි.

එම පැනයට දරුවා විසින් පවසනු ලැබුවේ මේ වනවිට ජනප්‍රිය තලයක පවතින ගීත වන ‘කාසි සබන් පෙණලු සහ සීතල හාදුවකින්” යන ගීත තමන් සමගි ජන සන්ධාන වේදිකාව මත ගායනා කිරීමට කැමති බවයි.

මෙම සජබ රැලිය වර්ණවත් සහ ප්‍රබෝධමත් කරමින් සංගීත සංදර්ශනයක් ද පැවැත්වුණා.

ඊට රූකාන්ත ගුණතිලක, පේෂල මනෝජ්, අශාන්‍යා, වැනි ගායක ගායිකාවන් පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
6
+1
1
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?