සමගි ජන බලවේගය අද (30) කොළඹ දී සංවිධානය කර ඇති උද්ඝෝෂණයට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් ද වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, උද්ඝෝෂකන්ට ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යංශයට ඇතුළුවීම වළක්වාලමින්.
කොටුව පොලිසිය මඟින් සිදුකළ ඉල්ලිමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.
මේ අතර මෙම උද්ඝෝෂණයට කොළඹ මහේස්ත්‍රාත් එල්. මංජුල රත්නායක විසින් ද තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
1
+1
1
+1
+1












