සංශෝධිත දුම්රිය කාල සටහන ප්‍රකාශයට පත්කිරීම ළඟදීම

දුම්රිය වේග සීමා පැනවීමත් සමඟ දුම්රිය කාල සටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පසුගියදා තීරණය කළා.

ඒ, අනුව සංශෝධනය කරන ලද දුම්රිය කාල සටහන සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම නව දුම්රිය කාල සටහන ක්‍රියාත්මක කරනු ලබන දිනය ලබන සතිය තුළ ප්‍රකාශයට පත්කරණු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

දුම්රිය පීලිපැනීම් සිද්ධීන් වාර්තාවීම වැඩිවීම සහ ඒ සම්බන්ධයෙන් ලද පැමිණිලි සැළකිල්ලට ගනිමින් දුම්රිය මාර්ගයේ අබලන් සහිත ස්ථානවල දී දුම්රිය අඩු වේගයකින් ධාවනය කිරීම සඳහා වේග සීමා පැනවීමට පසුගිය දා කටයුතු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?